General21 April 2026

පාතාලයාට රටින් පලා යෑමට ගමන් බලපත්‍රය සෑදු තරුණයාට ඇප නැහැ

පසුගිය දා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන "කෙසෙල්වත්ත දිනූෂ" නමැත්තාට මෙරටින් පිටව යාම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජව සාදා දුන් බව කියන තරුණයකු ලබන 6 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (21) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්ලත්ව පොලිසිය සඳහන් කර සිටියේ පසුගියදා පසුගිය දා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන "කෙසෙල්වත්ත දිනූෂ" නමැත්තා මේ වන විට රැදෝ නියෝග මත කොම්පඤ්ඤවීදිය කොට්ඨාශ අපරාධ අංශයේ සිටින බවත් එම සැකකරුට රටින් පලායෑම සඳහා ව්‍යාජව විදේශ ගමන් බලපත්‍ර මෙම සැකකරු විසින් සාදා දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෙසෙලත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේශාත් වෙලා සිද්ධියට අදාළ සැකකරු ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes