කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමු කළා.
ලාල් කාන්තගේ නීතීඥවරයා වෙත එමගින් දැනුම් දී ඇත්තේ, අදාළ එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එහි සඳහන් ඉල්ලීම්ද බැහැර කරන බවයි.
නිවැරදි කිරීමේ අයිතිය පිලිගනිමින් අපගේ සේවාදායකයා වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු ටී.වී. සහ හිරු මාධ්‍ය ජාලයට අයත් අනෙකුත් සියලු මාධ්‍ය අවකාශයන් ඔස්සේ වහාම නිවැරදි කිරීමක් සිදුකළ බවද එම නීතිඥ සමාගම සිය ලිපිය මගින් දන්වා තිබෙනවා.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ ලාල්කාන්තගේ ප්‍රකාශයෙහි දෝෂ පවතින බවත් එම වත්කම් සහ බැරකම් ප්‍රකාශය නීතියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බවත් නීතිඥ සමාගම වැඩිදුරටත් දන්වා සිටිනවා.
තවද, අදාළ ලිපිය මගින් දැනුම් දී තිබෙන්නේ ඔබගේ සේවාදායකයා සිය සේවාදායකයාට එරෙහිව කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත් ආයතනික පුරවැසියෙකු ලෙස සිය සේවාදායකයා සතු අයිතිවාසිකම් භාවිත කරනු ඇති බවත්, ඒ යටතේ අනිවාර්ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හිතාමතා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්ද නීත්‍යනුකූලව කටයුතු කරන බවයි.
එමෙන්ම, ඔබගේ සේවාදායකයා ප්‍රසිද්ධ වේදිකාවලදී පිලිගෙන ඇති පරිදි, ඔහු පොදු දේපළවලට හානි කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සම්බන්ධ වී ඇති බැවින්, කිසියම් හෝ නීතිමය කටයුත්තක් ආරම්භ කළහොත් ඔබගේ සේවාදායකයා යනු කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ සිය සේවාදායකයා විසින් ගෙනහැර දක්වනු ඇති බවද නීතිඥ සමාගම සිය ලිපිය මගින් අවධාරණය කර සිටිනවා.
සිය සේවාදායකයාගේ විකාශන අයිතියට අනිසි ලෙස බාධා කිරීමේ ඕනෑම උත්සහයකට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් එම නීතිඥ සමාගම දන්වා සිටිනවා.

Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026