තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන අගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඔහු 38 හැවිරිදි ගන්නොරුව,මහනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවට හෙළි වී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සදහන් කළේ.
සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණවල නඩු ද පවතිනවා.
තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
එසේම මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.
පෙරේදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර අදාල මෝටර් රථයක තිබී හමු වූ අතර එය සැකකරු සම්බන්ධතා පැවැත්වූ වූ කාන්තාවකට අයත් බවටයි හෙළි වී ඇත්තේ.
ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ සැකකරු පසුගිය 3 වනදා සිට 16 වනදා දක්වා රැදී සිට ඇති අතර භෞත චිකිත්සකවරිය ඝාතනය කර මෙලස මෝටර් රථයේ දමා සැකකරු විසින් තෙල්දෙණිය රෝහලේ රථගාල අසලට රැගෙන විත් පලා ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026