ශ්‍රී ලංකා රේගුවේ Paperless Document Processing වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධාන, ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වවල නියෝජිතයන්ගේ සහභගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා.
ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් රේගු සටහන් කර සහ අදාළ ලේඛන කඩදාසි භාවිතයෙන් තොරව, විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා යොමු කිරීමත්, ඒ පිළිබඳ දැනුවත් කිරීමත් මෙම සාකච්ඡාවේ අරමුණ වුණා.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ, ශ්‍රී ලංකා රේගුව විසින් රේගු සටහන්කර සහ ලේඛන මාර්ගගතව භාර ගනු ලැබීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බැවින් ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන භාවිතයෙන් රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි.
ඉදිරියේදී සියලුම රේගු සටහන් සහ අදාළ ලේඛන කඩදාසි රහිතව විද්‍යුත් ක්‍රමවේදයෙන් පමණක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළා.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් ප්‍රකාශ කළේ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ජනාධිපති කාර්යාලය සමඟ එක්ව සිය සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, රේගු නිෂ්කාශන නියෝජිතයන් සඳහන් කළේ, මෙම නව ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් සාමාජිකයන් අතර රැකියා අහිමිවීම පිළිබඳ අනියත බියක් පවතින නමුත්, සත්‍ය තත්ත්වය නම් මෙම ඩිජිටල් පරිවර්තනය මගින් ඔවුන්ගේ සේවා වඩාත් වෘත්තීයමය සහ කාර්යක්ෂම මට්ටමකට ඔසවා තැබීමට හැකිවන බවයි. එම නිසා මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කළා.
කඩදාසි රහිතව රේගු සටහන්කර සහ ලේඛන ඉදිරිපත් කිරීමේදී එම ලේඛන සඳහා ඩිජිටල් අත්සන් භාවිත කිරීම අනිවාර්ය වන අතර, එම ඩිජිටල් අත්සන LankaSign ආයතනයෙන් නිකුත් කරනවා.
ඒ අනුව සියලුම ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් ප්‍රථමයෙන් Digital Signature ලබා ගත යුතු බවත්, ඒ පිළිබඳ තොරතුරු සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් LankaSign ආයතනයේ නියෝජිතයන් විසින් විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කළ බව සඳහන්.
ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ රුවන් තිසේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ අශාන් වීරමන්, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් වන ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි, එම්. ඒ. ප්‍රේමලාල් , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026