අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ La7 රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ කෙටි සම්මුඛ සාකච්ඡාවකදී, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි තමා සමඟ ඡායාරූපයක් ගැනීමට "දැඩි ලෙස උනන්දු වූ" බවත්, ඇය ඒ වෙනුවෙන් "ඇවටිලි කළ" බවත් ප්‍රකාශ කර තිබෙනවා.
තමා ඇය සමඟ කතා කිරීමට අවශ්‍යතාවක් නොතිබූ නමුත්, ඇය කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසා ඡායාරූපයට පෙනී සිටි බවත්, තමා ඇය සමඟ කතා කිරීම පිළිබඳව ඇය සතුටු විය යුතු බවත් ට්‍රම්ප් එහිදී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය එක්ස් 'X' ගිණුම ඔස්සේ දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇති දක්ෂිණාංශික ඉතාලි අග්‍රාමාත්‍යවරිය, ට්‍රම්ප් සිය මිත්‍ර පාර්ශ්වයන්ට මෙලෙස අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බව පෙන්වා දෙනවා.
බටහිර හෝ අමෙරිකාවේ සතුරන් සහ වෙනත් ඒකාධිපති නායකත්වයන් ඉදිරියේ වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ට්‍රම්ප්, තමන්ගේම සගයන් ඉදිරියේ මෙවැනි අධිෂ්ඨානයක් හෝ ගරුත්වයක් නොපෙන්වීම ලැජ්ජාසහගත කරුණක් බව පවසන ඇය, ඉතාලිය කිසිවිටෙකත් කිසිවෙකු ඉදිරියේ දණ නොනමන බව ද අවධාරණය කර තිබෙනවා.
මෙම මතභේදාත්මක තත්ත්වයත් සමඟ දෙරට අතර සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති අතර, ජූනි 21 සහ 22 යන දිනවල අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි සිය සංචාරය වහාම අවලංගු කිරීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ට්‍රම්ප් විසින් මෙලෝනිට එරෙහිව භාවිත කළ බරපතළ සහ අපහාසාත්මක වචන මඟින් සමස්ත ඉතාලියටම නිග්‍රහ කර ඇති බව විදේශ අමාත්‍යවරයා සිය එක්ස් 'X' ගිණුමේ සටහන් කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භ කරන විට මෙලෝනි අමෙරිකා-ඉතාලි සබඳතා ශක්තිමත් කර ගැනීමට උත්සාහ කළද, මෑතකදී ට්‍රම්ප් විසින් ලියෝ පාප් වහන්සේව විවේචනය කිරීමත් සමඟ දෙරට අතර සබඳතා තරමක් පළුදු වුණා.
ඉරාන ගැටුම හෙළා දකිමින් ලියෝ පාප් වහන්සේ කළ ප්‍රකාශයට ට්‍රම්ප් පහර දීම මෙලෝනි විසින් විවේචනය කරන ලද අතර, එයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ද ඇයට 'ධෛර්යයක් නොමැති' බවට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබුණා.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026