General20 June 2026

12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24: සාමාන්‍ය පෙළ දෙසැම්බර් 8 සිට 17 දක්වා - විභාග කොමසාරිස්

12 ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය එළැඹෙන ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළේ.

එසේම 2026 සාමන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes