General20 June 2026

වනජීවී ක්ෂේත්‍රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක

මේ වන විට වන ජීවි සංරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මේ සේවාවට අන්තර්ග්‍රහණය කර ගැනීම සිදුවන බවත්, පිරිස් බලය වැඩිවීම නිසා කාර්යක්ෂම ලෙස අදාළ කර්යන් සිදු කළ හැකිවුවත් මේ අන්තර්ග්‍රහණය සිදු කරන විට මේ පනතට අදාළ නිලධාරීන් 800කගෙන් මෙතෙක් විශිෂ්ට සේවාවක් ඉටු කළ හා ඉටු කරන නිලධාරීන්ගේ තනතුරු හා වැටුප් අගතියට පත් කරමින් මේ අන්තර්ග්‍රහණය සිදු නොවිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, වනජීවී ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡා කිරීමට වනජීවී නිලධාරීන් සමග පැවති සාකච්ඡාව අතරතුරයි.

සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 5000ක් අන්තර්ග්‍රහණය කරන විට අනිවාර්යයෙන්ම ක්ෂේත්‍ර සහකාරවරුන්ගේ වත්මන් අයිතිය සුරක්ෂා වන ආකාරයට තනතුරු හා පරිපාලන ස්ථාපිත කිරීම වැටුප්තල නිර්මාණය හා වැටුප් තල නිර්මාණය නිවැරදිව සිදු විය යුතු බවත්, 5000ක් සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ 3500ක් බහුකාර්ය නිලධාරීන් එකතු වීම ශක්තියක් වුවත් මේ එකතු වීම මෙතෙක් සේවා කළ අයට අගතිගාමී බලපෑමක් වන්නේ නම් එය වළක්වා ගත යුතු බවත්, ඔහු සඳහන් කළා.

අලි මිනිස් ගැටුම අවම කර සීමාසහිත මිනිස් බලයක් තුළ කළ සේවාව වැඩි වී ඇති බවත්, වන ජීවින් සුරක්ෂා කිරීම ආදි අමාරු කර්යභාරය ඉටු කරන මේ අයගේ තනතුරුවලට අගතිගාමී බලපෑමක් සිචුවිය යුතු බවත්, විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes