General21 June 2026

අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ

ජාතික පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිනපතා සංවිධානය කරන තැඹිලි දානමය වැඩසටහන් හේතුවෙන් මතුව ඇති සෞඛ්‍යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කමිටුව සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ද ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහරගම අපේක්ෂා රෝහල සඳහන් කළේ.

පිටස්තර පුද්ගලයින් කිසිදු ආරක්ෂිත මුව ආවරණයක් හෝ අත්වැසුම් භාවිතයකින් තොරව වාට්ටු තුළට ඇතුළු වී ඇති බව ද එම නිව්දනයේ සඳහන්.

එමෙන්ම රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටලුකාරී වී ඇති බව එමඟින් පෙන්වාදී තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට දිනකට අවශ්‍ය වන තැඹිලි ගෙඩි ප්‍රමාණය 100 ක් 200 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, පරිත්‍යාගශීලීන්ට එම ප්‍රමාණය පමණක් ආහාර ඇගයීම් නිලධාරී හරහා රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙට ලබා දීමට අවසර ලබා දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes