General21 June 2026

මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්

මොරගහහේන උපතැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් 474,000ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 19 වැනිදා රාත්‍රි කාලයේදී උප තැපැල් කාර්යාලය බිඳ මෙම මුදල් සොරාගෙන ඇති බවටයි දැනට අනාවරණය වී ඇත්තේ.

වැඩිහිටි දීමනා ගෙවීම සඳහා මෙම මුදල් තැපැල් කාර්යාලයට රැගෙන විත් තිබී ඇති බවට එම ස්ථානාධිපතිවරයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes