General21 June 2026

වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්

වැල්ලම්පිටිය නගරයේ පිහිටි බේකරි නිෂ්පාදනාගාරයක අද (21) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවන රථ දෙකක් වහාම එම ස්ථානයට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.
Related recommendation
Hiru TV News | Programmes