දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සහ ඉන්දියානු 'A' කණ්ඩායම අතර අවසන් මහා තරගයෙන් ලකුණු 66ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියානු ඒ කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු ඒ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 377ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ඉන්දීය ඉනිම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ වෛභව් සූර්යවංශි (Vaibhav Sooryavanshi) පන්දු 29කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 94ක් රැස් කළ අතර, ඔහු සිය අර්ධ ශතකය පන්දු 11ක් වැනි කෙටි පන්දු සංඛ්‍යාවකදී වාර්තා කිරීම විශේෂත්වයක්.
මීට අමතරව ප්‍රියන්ශ් ආර්යා (Priyansh Arya) ලකුණු 39ක් සහ තිලක් වර්මා (Tilak Varma) ලකුණු 67ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු ලකුණු 72කට කඩුලු 2ක් සහ වානුජ සහන් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තා.
ලකුණු 378ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පන්දු වාර 47.1කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 311ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වානුජ සහන් පන්දු 69කදී ලකුණු 62ක් ද, සදීර සමරවික්‍රම පන්දු 44කදී ලකුණු 52ක් ද ලබා ගත්තා.
විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 39ක් සහ නායක සහන් ආරච්චිගේ ලකුණු 38ක් රැස් කළ ද ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකි වුණා.
පන්දු යැවීමේදී ඉන්දියානු ඒ කණ්ඩායම වෙනුවෙන් යෂ් ඨාකූර් (Yash Thakur) ලකුණු 45කට කඩුලු 3ක් සහ විප්රාජ් නිගම් (Vipraj Nigam) ලකුණු 60කට කඩුලු 3ක් බැගින් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026