General21 June 2026

කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට

ගාල්ල, කොග්ගල මෝයකට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එක්දරු පියෙකු බවයි.

ඔහු තවත් පිරිසක් සමඟ සංචාරයක් සඳහා කොග්ගල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අද (21) දහවල් මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes