General22 June 2026

"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ

තවත් වසර ගණනාවකට වෙනත් ආණ්ඩුවක් බලයට පත් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පවසනවා.

මේ වනවිට කිසිදෙයක් කියාගත නොහැකිව විපක්ෂය අනාථ වී ඇති බවත් මේ වනවිට බලය ඇත්තේ නිර්ප්‍රභූ පන්තියන් තුළ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ දිනවල වී විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටින ගොවීන් නගන හඬ පිළිබඳව මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

"වී විකුණන්න මේ දවස්වල ගොයම් කැපෙන්නේ නෑ. මමත් ගොවියෙක්" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes