යුද සමයේදී ඉරානය විසින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, එහි මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට සේවකයන් උත්සාහ කරමින් සිටියදී ඉරිදා රාත්‍රියේ කටාර්හි ප්‍රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයක පිපිරීමක් සිදුව තිබෙනවා.
ඉන් හටගත් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයන් 54 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කටාර් රාජ්‍යය ලොව ප්‍රමුඛතම ස්වභාවික වායු නිෂ්පාදකයෙකු වන බැවින්, රාස් ලැෆාන් (Ras Laffan) කාර්මික කලාපයේ සිදුවූ මෙම පිපිරීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ තවදුරටත් දැඩි කැළඹීමක් ඇති කිරීමට හේතු විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) කෙරෙහි ඉරානය පනවා තිබූ දැඩි පාලනය හේතුවෙන් කටාර් රාජ්‍යයට තම පාරිභෝගිකයන් වෙත නැව්ගත කිරීම් ලබා දීමට නොහැකි වූ නිසා ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණා.
යුද්ධය ස්ථිරවම අවසන් කිරීම සඳහා සාකච්ඡා පවතින බැවින්, ඉරානය සමුද්‍ර සන්ධිය කෙරෙහි තිබූ දැඩි පාලනය ලිහිල් කිරීමත් සමඟ කටාර් රාජ්‍යය සිය අපනයන පර්යන්තය නැවත ආරම්භ කිරීමට කටයුතු කළා.
ඉරිදා රාත්‍රියේ එම වැඩකටයුතු අතරතුර 'බාර්සාන්' (Barzan) වායු සැපයුම් මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සහ ගින්න හටගත් බව රජයට අයත් කටාර්ඇනර්ජි සමාගම ප්‍රකාශ කර සිටියේ.
පිපිරීමෙන් සිදුවූ හානියේ ප්‍රමාණය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් මුලින් ප්‍රකාශ කළේ පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණක් තුවාල සිදුවී ඇති බවයි.
මෙම බලාගාරයේ සම්පූර්ණ අයිතිය පාහේ කටාර් සතු වන අතර, එහි සුළු කොටසක් එක්සන්මොබිල් (ExxonMobil) සමාගම සතුව පවතිනවා.
මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා එම තෙල් සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

Latest News
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026
සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
Local
22 June 2026
බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්
Local
22 June 2026
සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි
Local
22 June 2026
ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු
Local
22 June 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට
Local
22 June 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා
Local
22 June 2026
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
Local
22 June 2026
මැයි මාසයේ උද්ධමනය ඉහළට
Local
22 June 2026
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
Local
22 June 2026