General22 June 2026

වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්

මහියංගනය පොලිස් වසමට අයත් මහියංගනය - මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී ඊයේ (21) සවස සිදු වූ රිය අනතුරකින් ට්‍රැක්ටර් රථයක රියැදුරෙක් වියානා ඇලට වැටී දියේ ගිලී අතුරුදන්ව ඇතැයි මහියංගනය පොලිසිය පවසනවා.

අනතුරට පත්ව ඇත්තේ මහියංගනය දෙස සිට මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක්.

ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථය දියබාන ප්‍රදේශයේදී රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස වියානා ඇලට පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ මහියංගනය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.


අතුරුදන් වූ ට්‍රැක්ටර් රථ රියැදුරු සෙවීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මේ වන විටත් විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes