මහියංගනය පොලිස් වසමට අයත් මහියංගනය - මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී ඊයේ (21) සවස සිදු වූ රිය අනතුරකින් ට්‍රැක්ටර් රථයක රියැදුරෙක් වියානා ඇලට වැටී දියේ ගිලී අතුරුදන්ව ඇතැයි මහියංගනය පොලිසිය පවසනවා.
අනතුරට පත්ව ඇත්තේ මහියංගනය දෙස සිට මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක්.
ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථය දියබාන ප්‍රදේශයේදී රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස වියානා ඇලට පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ මහියංගනය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
අතුරුදන් වූ ට්‍රැක්ටර් රථ රියැදුරු සෙවීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මේ වන විටත් විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Latest News
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
Local
22 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 107.79 කින් පහළට
Local
22 June 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 දා
Local
22 June 2026
මාදැල් ධීවරයින්, ජනපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
Local
22 June 2026
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය : පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
22 June 2026
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
Local
22 June 2026
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
22 June 2026
කොළඹ - මහනුවර පාරේ කෑගල්ලේදී දරුණු රිය අනතුරක් - වාහන 6ක් එකිනෙක ගැටී අයෙක් මරුට, 10කට තුවාල
Local
22 June 2026
බිනෝයි අත්අඩංගුවට ගැනීමට එරෙහිව 'රට Next' සංවිධානයෙන් විරෝධය
Local
22 June 2026
විදුලි ප්‍රතිසංස්කරණවල නියම ප්‍රතිඵල ලැබීමට කල් යනු ඇතැයි බලශක්ති ඇමති කියයි
Local
22 June 2026