General22 June 2026

කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හබරාදූව පොලිස් වසමට අයත් කතළුව ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ගසාගෙන යාමෙන් ඊයේ (21) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හබරාදූව පොලිසිය පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් කතළුව මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දියේ ගිලී ගසාගෙන යමින් සිටි මෙම පුද්ගලයා අවට සිටි පිරිස් විසින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන ඇති අතර, ඔහුව රෝහල් ගත කිරීමට රැගෙන යමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණා.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෘත දේහය පිළිබඳ ඉදිරි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes