General22 June 2026

කොළඹ - මහනුවර පාරේ කෑගල්ලේදී දරුණු රිය අනතුරක් - වාහන 6ක් එකිනෙක ගැටී අයෙක් මරුට, 10කට තුවාල

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, වරකාපොළ ප්‍රදේශයේදී අද (22) සිදුවූ දරුණු රථ වාහන අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 6ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes