International22 June 2026

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලේබර් (Labour) පක්ෂයට නව නායකයෙකු නිල වශයෙන් තේරී පත්වන තෙක් තමා තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම ඉල්ලා අස්වීමත් සමඟ, බ්‍රිතාන්‍යය තුළ දශකයක් වැනි කෙටි කාලයක් තුළ නායකයන් 07 දෙනෙකු වෙනස් වී ඇති අතර බිත්‍රාන්‍ය දේශපාලනයේ අස්ථාවර බව පිළිඹිබු වෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සමඟ සාකච්ඡා කළ බවත් වැඩිදුරටත් පැවසූ කියර් ස්ටාමර් මෙම තීරණය ගෙන ඇත්තේ එරට දේශපාලනයෙන් එල්ල වි ඇති දැඩි පීඩනය හමුවේයි.

Related recommendation
Hiru TV News | Programmes