ඩිස්නි සහ පික්සාර් (Disney/Pixar) සමාගම්වල සුප්‍රකට සජීවීකරණ සිනමා මාලාවේ නවතම දිගහැරුම වන 'ටෝයි ස්ටෝරි 5' චිත්‍රපටය, තිරගත වූ පළමු සති අන්තයේදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක ආදායමක් සහ ලොව පුරා ඩොලර් මිලියන 312ක සමස්ත ආදායමක් උපයමින් 2026 වසරේ ඉහළම සමාරම්භක ආදායම් වාර්තාව තමන් සතු කරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර සිනමා වෙළෙඳපොළ වාර්තාවලට අනුව, ජූනි 19 වැනිදා නිල වශයෙන් තිරගත කිරීම් ආරම්භ කළ 'ටෝයි ස්ටෝරි 5' සිනමාපටය, සජීවීකරණ චිත්‍රපට ඉතිහාසයේ මෙන්ම ටෝයි ස්ටෝරි සිනමා මාලාවේ ද මීට පෙර පැවති වාර්තා රැසක් මුළුමනින්ම බිඳහෙළීමට සමත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය 2019 වසරේ තිරගත වූ 'ටෝයි ස්ටෝරි 4' චිත්‍රපටය පළමු සති අන්තයේදී ලැබූ ඩොලර් මිලියන 121ක ආදායම ද අභිබවා යාමක්.
චිත්‍රපටයේ බ්‍රහස්පතින්දා පූර්ව දර්ශන මඟින් පමණක් ඩොලර් මිලියන 17.5ක දැවැන්ත ආදායමක් වාර්තා වූ අතර, එය සජීවීකරණ සිනමා ඉතිහාසයේ දෙවන ඉහළම පූර්ව දර්ශන ආදායම ලෙස සටහන් වෙන්නේ.
එමෙන්ම, සිකුරාදා දින නිල ප්‍රදර්ශනය ද ඇතුළුව පළමු දිනයේ ලැබුණු සමස්ත ආදායම ඩොලර් මිලියන 71ක් වූ අතර, එය සර්වකාලීන ඉහළම සජීවීකරණ ආරම්භක දින ආදායම සතු Incredibles 2 - ඩොලර් මිලියන 71.2 චිත්‍රපටයේ වාර්තාවට ඉතා ආසන්න අගයක්,
ඩිස්නි සමාගම විසින් මෙම චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ නවීන සමාජ මාධ්‍ය උපාය මාර්ග ද මෙවැනි අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයකට හේතු වී තිබෙනවා.
විශේෂයෙන්ම, සුප්‍රකට ගායන තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ දායකත්වය සහ ඇයගේ "I Knew It, I Knew You" ගීතය සමඟ සක්‍රීය වූ සමාජ මාධ්‍ය ජාලයන් හරහා මිලියන 530කට අධික අතිරේක ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වීමට මෙම චිත්‍රපටයට හැකි වූ බව RelishMix දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
මිලියන 250ක නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වූ 'ටෝයි ස්ටෝරි 5', මෙතෙක් 2026 වසරේ ඉහළම සමාරම්භක ආදායම ලබා තිබූ 'ද සුපර් මාරියෝ ගැලැක්සි මූවී' (The Super Mario Galaxy Movie - ඩොලර් මිලියන 132) සිනමාපටය ද පසුපසට ඇද දමා ඇති අතර ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර සිනමාශාලාවල ද අංක එකේ ස්ථානය දිනාගනිමින්, චිත්‍රපටය මේ වන විටත් ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම් ලැයිස්තුවේ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා.

Latest News
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026