General22 June 2026

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූලි මස 30 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් 11 ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes