General23 June 2026

සීගිරියේ දී පස්සෙන් පැන්නූ වන අලියාගෙන් විදෙස් කතුන් 4ක් නූලෙන් බේරෙති

සීගිරිය නැරඹීමට පැමිණි විදේශීය කාන්තාවන් සිව් දෙනෙකුට පහරදීම සඳහන් එම ප්‍රදේශයේ ගැවසෙන වන අලියෙකු පැමිණෙන අයුරු අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා.

ඊයේ (22) අලුයම හතරට පමණ පයින් ගමන් කරමින් සීගිරිය පිවිසුම් දොරටු ඉදිරියට පැමිණි අවස්ථාවේදීයි මෙම සිදුවීම සිදුවී ඇත්තේ.

දිවයිනට පැමිණෙන බොහෝ විදේශීය සංචාරකයන් උදෑසනින්ම සීගිරිය නැරඹීමට පැමිණෙන්නේ අලුයම ඉර නැගෙන අයුරු නැරඹීම සඳහායි.

කිසිදු සංචාරක මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙලෙස අනාරක්ෂිත අයුරින් පැමිණීම නිසා වන අලි ප්‍රහාරයෙන් ඔවුන් අනූ නවයෙන් බේරෙන්නේ එම ස්ථානයේ සිටින ආරක්ෂක නිලධාරියාගේ කඩිනම් ක්‍රියාත්මක වීමත් සමගයි.
Related recommendation
Hiru TV News | Programmes