General23 June 2026

උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවයි

පාර්ලිමේන්තු සභාගර්භය තුළ හටගත් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභාවාරය විනාඩි 10ක කාලයකට තාවකාලිකව කල් තැබීමට කථානායකවරයා මීට නොබෝ වේලාවකට පෙර පියවර ගනු ලැබුවා.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින්බස්වීමක් සහ දැඩි විරෝධතාවයක් හේතුවෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes