සොරුන් විසින් අද (23) අලුයම කොල්ලකන ලද හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම හන්දියේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුවේ රුපියල් කෝටි ගණනක රත්රන් සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසනවා.
මෙම සොරුන් බැංකුවේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා, බැංකුව බිඳ එහි තිබූ කෝටි ගණනක රන් බඩු සහ දේපළ එලෙස සොරාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
විමර්ශන නිලධාරීන් සැක කරන්නේ බැංකුවේ තිබූ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් රන් බඩු අතරින් කොටසක් මෙලෙස මංකොල්ලකරුවන් විසින් රැගෙන යන්නට ඇති බවයි.
පොලිස් විමර්ශනවලට අනුව අද (23) අලුයම 1.00 ත් 5.00 ත් අතර කාලය තුළ පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම මංකොල්ලය සිදු කර තිබෙනවා.
බැංකුව පිටුපස මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියාගේ අත් පා සහ කට රෙදි පටිවලින් ගැටගසා ඔහුව නාන කාමරයකට දමා සිරකර ඇති සොරුන්, පසුව නාන කාමරයේ වා කවුළුව බිඳ බැංකුව තුළට ඇතුළු වී තිබෙනවා.
මෙම බැංකුව තුළ සේප්පු දෙකක් සහ ලාච්චු විස්සක් පමණ තිබී ඇති අතර, ඉන් එක ලාච්චුවක තිබූ රන් බඩු සම්පූර්ණයෙන්ම සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
බැංකුව සතුව තිබූ කෝටි අටක පමණ සමස්ත රන් බඩු තොගයෙන් අස්ථානගත වූ නිශ්චිත රන් බඩු ප්‍රමාණය සහ දේපළවල වටිනාකම මෙතෙක් නිල වශයෙන් ගණනය කර නොමැති බව ද පොලිසිය සඳහන් කරනවා.
මංකොල්ලකරුවන් විසින් බැංකුවේ ආරක්ෂිත සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියේ ඩී.වී.ඩී. (DVD) යන්ත්‍ර ද ගලවාගෙන ගොස් ඇති අතර, සේප්පු බිඳීම සඳහා යකඩ කපන ග්‍රයින්ඩරයක් (Grinder) භාවිත කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
සිද්ධියෙන් පසු සිරකර සිටි ආරක්ෂක නිලධාරියා කෑගැසීමේ ශබ්දය ඇසී, මාර්ගයේ විරුද්ධ පැත්තේ පිහිටි වෙළඳසැලක පුද්ගලයකු පැමිණ සෝදිසි කිරීමේදී මෙම මංකොල්ලය පිළිබඳව පළමුවෙන් හෙළි වී තිබූ බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර, ස්ථානීය අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සලකුණු නිලධාරීන් කැඳවා අදාළ ස්ථානයේ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
Latest News
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026