General23 June 2026

හිටපු අමාත්‍ය ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්: තීන්දුව කල් තැබේ

නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදී තිබූ වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසන් කළා.

මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන බවයි එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න විසින්.
Related recommendation
Hiru TV News | Programmes