General23 June 2026

ලබන වසරේ සිට රජයේ පාසල්වල 01 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

එළඹෙන 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛය නිකුත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර, අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයකින් යුතුව, අක්‍රමිකතා අවම වන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම එහි අරමුණයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කරමින් නව චක්‍රලේඛය සකස් කර තිබෙනවා.

ඒ අනුවයි අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes