General23 June 2026

"ඡන්දයේදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය"

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයන් සළකුණු කිරීමේ ක්‍රමය අත්හිටුවීම සඳහා, අදාල නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.

මෙරට පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැති සෑම ඡන්ද විමසීමකදීම ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කර තිබුණා.

ඒ අනුව, පහත සඳහන් නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
* 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
* 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
* (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ වගන්තිය.
* 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.
Related recommendation
Hiru TV News | Programmes