General23 June 2026

අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

තුවාල ලැබූ කාන්තාවගේ වයස අවුරුදු 46ක් වන අතර ඇය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සැත්කමට භාජනය කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

විදේශ ගතවීමට පෙර මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර විදේශ ගත වී නැවත ලංකාවට පැමිණීමේදී අනියම් සැමියා තවත් කාන්තාවක් සමග පවුල් කන බව ඇය දැනගෙන තිබෙනවා.

ඒ පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව මෙම කාන්තාව තම නීත්‍යානුකූල යැයි කියන සැමියා සහ දරුවන් සිටින කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව දැනගත් අනියම් සැමියා නීත්‍යානුකූල සැමියාගේ නිවස අසල රැක සිටිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes