General23 June 2026

නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි

තමන් ළඟ තිබුණා යැයි කියන ලැම්බෝගිනි 18න් එකක් හෝ සොයාගෙන තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටිනවා.

එසේ ගෙනැවිත් දෙන ලැම්බෝගිනිය පැදවීමට තමන් ආශාවෙන් බලාසිටින බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

පසුගිය මැතිවරණ සමයේ මාලිමා දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක්වූ නාමල්ගේ ලැම්බෝගිනි 18 සම්බන්ධව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තවමත් කිසිවෙකුට එම වාහන තොගය සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

එම චෝදනාව සිදුකළ මාලිමාවේ අයට එම වාහන තිබෙන තැනක් පෙන්විය හැකිනම් හෝ ගුවන් මගින් මෙරටට ගෙන ආ බව කී වාහන තොගය සොයාදිය හැකිනම් ඉන් එකක් හෝ පදින්නට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes