ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාවය සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිලවශයෙන් පිරිනමා තිබෙනවා.
මෙම නවීන තාක්ෂණික දායකත්වය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා බලඇණියේ (Offshore Patrol Fleet) සමුද්‍රීය සන්නිවේදන හැකියාවන් සහ නිරීක්ෂණ මෙහෙයුම් ක්ෂේත්රය සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනු ඇති.
මෙම ප්රදානය පිළිබඳ නිල ප්‍රකාශය ජූනි 22 වන දින කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු (SLNS Gajabahu) නෞකාවේ විශේෂ පිළිගැනීමේ උත්සවයකදී සිදු කෙරුණා.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්, Dr. S. Paul Kapur සහ දෙරට නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර පැමිණි සම්භාවනීය අමුත්තන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය S. Paul Kapur ප්‍රකාශ කළේ, ලොව කාර්යබහුලම නැව් මාර්ග කිහිපයක සමුද්‍රීය සන්නිවේදන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ලබාදෙන බවයි.
දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වටිනා මෙම චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා (OPVs) තුළ ස්ථාපනය කිරීමට නියමිතයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම Fleet Broadband පද්ධතිය මඟින් ගැඹුරු මුහුදේදී සිදුකරන ක්‍රියාන්විතවලදී පවා විශ්වාසනීය හඬ, දත්ත සහ තොරතුරු හුවමාරුව සහතික කරමින් ආරක්ෂිතව නැවෙන් නැවට (ship-to-ship) සහ නැවේ සිට ගොඩබිමට (ship-to-shore) සන්නිවේදනය කිරීමට පහසුකම් සලසා දෙන අතර, නාවික හමුදා මූලස්ථානය, ගුවන් යානා සහ ඉන්දියන් සාගර කලාපය (IOR) පුරා යොදවා ඇති නෞකා අතර තත්‍ය කාලීන (real-time) සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම Fleet Broadband පද්ධතිය හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය (maritime domain awareness) සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමක් වන අතර, එය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බවයි.
උපායමාර්ගිකව වැදගත් වන සමුද්‍රීය මාර්ග ඔස්සේ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙහිලා ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.
එමෙන්ම, මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය මඟින් නාවික හමුදාවේ බලඇණි පුරා අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමටත්, කලාපිය හවුල්කරුවන් සමඟ කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීමටත් ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වන බව ද ඔහු අවධාරණය කළා.
මෙලෙස ඉහළ නංවන ලද සන්නිවේදන පද්ධතිය මගින් නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් සඳහා වඩාත් සම්බන්ධීකරණය වූ ප්‍රතිචාර දැක්වීම් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද සහ ගෝලීය සැපයුම් මාර්ගවල අඛණ්ඩ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සහතික කරනු ඇති බව ද ඔහු සඳහන් කළා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරිනී (Chargé d’Affaires) Jayne Howell මෙනවිය, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.
Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026