General24 June 2026

"ගොවියාගේ හදගැස්ම මම දන්නවා.. හැබැයි වී මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත" - නි. ඇමති නාමල්

ගොවියාගේ හදගැස්ම තමන්ට හොඳින්ම දැනෙන නමුත්, වී මිල තීරණය වන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්ත පවසනවා.

ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදිත වී සඳහා රජයට නියමිත මිලක් නැති බව පවසමින් උද්ඝෝෂණය කළත් රජය නිහඬ ඇයිදැයි කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මධ්‍යවේදීන් කළ විමසීමකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂි නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේ;

"අපි ආණ්ඩුව ගන්න කොට වී නිෂ්පාදිත වියදම 99.75 යි. ආණ්ඩුව නියම කළා වී කිලෝ එකකට රුපියල් 110.00ක්. ආණ්ඩුව වී ගත්තෙත් නෑ. එහෙම තියෙද්දී තමයි අපි ආණ්ඩුව භාරගත්තේ. අපි භාරගත්තයින් පස්සේ ඊටත් වඩා වී නිෂ්පාදිත මිල අඩු වුණා. නාඩු 120යි සම්බා රුපියල් 130යි. කීරිසම්බා රුපියල් 140යි. අපි ගබඩාවලට වී ගත්තා.

ගිය මහ කන්නෙත් වී මිලදී ගත්තා. ගිය මහ කන්නයේ අප්‍රේල් 9, 10 වෙනකල් ගබඩා ඇරලා තිබුණා.

සාමාන්‍යයෙන් මාර්තු මාසයේ යල කන්නය පටන්ගන්නවා. අස්වනු නෙලළා අවසන්වෙනවා මේ කාලයේ. පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙනවා. මහකන්නයේ අස්වනු නෙළන කොට ගබඩා ඇරලා තිබුණා. යල කන්නෙත් ඇරලා තිබුණත් ගොවියෝ වී ගබඩාවලට ගෙන ඒම නතර වුණා.

එහෙම වුනාම ගබඩා වහනවා. මේක තමයි සාමාන්‍යයෙන් වුනේ. මීට කලින් වී ගබඩා වහලා තිබුනේ. කන්න කපන කොට ගබඩා ඇරලා වී ගන්නවා. අපිට ගොවි ජනතාවට දෙන්න තිබෙන පණිවිඩය තමයි, ඉල්ලු‍ම සැපයුම මත තමයි වෙළෙඳ පොළ මිල තීරණය වෙන්නේ. මේ නිසා මේ තත්ත්වය වෙනස් වෙනවා.

වෙළෙඳපොළ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයම සාකච්ඡා වෙනවා. ආහාර හිඟයක් ගැන සාකච්ඡා වෙනවා. මේ තත්ත්වය මත ගොයම් කපන්න ගත්තයින් පස්සේ අපි වී ගබඩා ඇරලා වී මිලදී ගන්නවා. මේ වෙලාවේ ඇත්ත ගොවියා ගබඩාවලට වී ගෙනත් දුන්නා. ගොවියෝ වී දෙන්නෙ නැතුව තියාගත්තා කියලා කියනව නම් ගොවියට එහෙම කරන්නත් පුළුවන්. වී සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් විධියට මැදිහත්වෙනවා.

ගොවියගේ හදගැස්ස අපට තේරෙනවා දැනෙනවා. ඒ විතරක්ම නෙමේ වී වගා කරන කුඹුරුවල අතිරේක බෝග වගා කරනවා නම් අපි ගෙවනවා. මේ රටේ ජනතාවගේ මුදල්. ජනතාවගේ බදු මුදල් අරගෙන දුන්නෙනෑ කියලා කියන්න එපා." යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes