General24 June 2026

අපේ මන්ත්‍රීලා වාහනයක්වත් අරගෙන නෑ.. අපි ජනතා මුදල් සාංඝික දේපළක් වගේ රකින්නේ එහෙමයි.. - මාලිමා මන්ත්‍රී අසිත

වත්මන් රජය මහජනතාවගේ හැම රුපියලක්ම සාංඝික දේපළක් මෙන් රකිමින් සිටින බවත් කිසිඳු මන්ත්‍රීවරයෙක් රජයෙන් වාහන මෙතෙක් ලබාගෙන නොමැති බවත් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන පවසනවා.

උත්සව සභාවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;

"ඇමතිවරු 24යි නියෝජ්‍ය ඇමතිවරු 29යි හැර අනිත් සියළුම අපේ මන්ත්‍රීවරු තමන් තවමත් පාවිච්චි කරන්නේ පුද්ගලික වාහනය හෝ කුලියට ගත්ත වාහන.

මම පාවිච්චි කරන්නෙත් සමන්ත මන්ත්‍රීවරයාගේ වාහනේ. සාංඝික දේපළ වගේ මිනිස්සුන්ගෙ හැම රුපියලක්ම ආරක්ෂා කරන මට්ටමට අපි තීන්දු තීරණ අරගෙන තියෙනවා"
Related recommendation
Hiru TV News | Programmes