General24 June 2026

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) සිදුකිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පසුගිය ජූනි 18 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වග උත්තරකරුවන් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එමෙන්ම පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවටත් චෝදනා කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes