General24 June 2026

ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය අද (24) සිට ක්ෂේත්‍ර රාජකාරි සීමා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වී තිබෙනවා.

ඒ, ග්‍රාම නිලධාරින් සඳහා අනුමත කර ඇති ඉන්ධන දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව, සඳුදා දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමෙන් වැළකීම, මාසික කොට්ඨාස දින රැස්වීම් හැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කැඳවනු ලබන අනෙකුත් සියලු රැස්වීම් ද වර්ජනය කරන බවයි ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේ.

එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් සියලු වැඩසටහන් සඳහා සහයෝගය ලබානොදීමට ද එම සන්ධානය තීරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes