General24 June 2026

රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා, ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ ඊයේ (23) රාෂ්ට්‍රපති භවන් හි පැවැති පද්ම සම්මාන උළෙලේදී යි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින් ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු විසින් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

රෝහිත් ෂර්මා මෙම ගෞරවයට පාත්‍ර වූයේ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස 2024 විස්සයි20 ලෝක කුසලානය සහ 2025 ICC චැම්පියන්ස් කුසලානය ජයග්‍රහණය කරවීම ඇතුළු සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන්.

39 වැනි වියේ පසුවන රෝහිත් ෂර්මා සිය බිරිඳ වන රිතිකා සජ්දේ සමඟින් සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වී සිටි‍යා.
Related recommendation
Hiru TV News | Programmes