General24 June 2026

ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ අද (24) විභාගයට ගත්තා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයෙන් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දෙවන දිනටත් කැඳවනු ලැබුවා.

අද දින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දැක්වීම සිදු කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වැනිදා දක්වා කල් තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes