General24 June 2026

ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්

විවිධ අපරාධ සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ පදිංචි ගාල්ලේ චතූ නමැත්තාගේ නිවසට සහ මෝටර් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නිවසේ තාප්පයෙන් පැමිණි අයෙකු හෝ පිරිසක් ඊයේ අලුයම මෙම ගිනි තැබීම සිදුකර ඇති බවටයි.

විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කුඩු ලහිරු නමැත්තා විසින් එය සිදුකරවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

කලක පටන් මෙම දෙපාර්ශවය අතර ගැටුම් පවතින බව ද වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes