දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පවතින උග්‍ර වන අලි තර්ජනයට ස්ථිර විසඳුමක් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (24) දඹුල්ල - කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ ‘දෙකේ කණුව’ ප්‍රදේශයේදී මාර්ග වසා දමමින් දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.
මාස ගණනාවක සිට කණ්ඩලම, ඇරැවුල, සිසිරවත්ත, අතුපාරයාය සහ පහලවැව ආදී ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වන අලින් ගම්මාන හා නගරයට කඩා වැදී වගා බෝග සහ නිවාස විනාශ කරමින් සිටින බව ජනතාව පවසනවා.
මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස මාර්ග වසා දැමීමට ජනතාව පියවර ගෙන තිබුණා.
මෙම හදිසි විරෝධතාවය හේතුවෙන් දඹුල්ල - කණ්ඩලම - වෑවලවැව දිවෙන ප්‍රධාන මාර්ගයේ මෙන්ම දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ ද වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා.
විරෝධතාවයේ නිරත වූ ජනතාව කියා සිටියේ, ප්‍රදේශයට යෝජනා වී ඇති අලි වැට නැවත කඩිනමින් ලබා දෙන ලෙසත්, වන අලින් විසින් සිදුකළ දේපළ හානි සඳහා නිසි වන්දි ලබා දෙන ලෙසත් යන්නයි.
එමෙන්ම වන අලි තර්ජනය හේතුවෙන් දැනට නොසන්සුන් වී ඇති තමන්ගේ ජන ජීවිතවලට වහාම ආරක්ෂාව සලසා දිය යුතු බව ද ඔවුහු අවධාරණය කළා.
උද්ඝෝෂණය ආරම්භ වී පැයකට පමණ අනතුරුව දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්රී මහතා සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කළා.
එහිදී අදහස් දැක්වූ නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්රී සඳහන් කළේ, ලබන සිකුරාදා (26 වන දින) මෙයට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.
බලධාරීන්ගේ එම පොරොන්දුවත් සමඟ, ලබන 26 වන දින සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් විරෝධතාව තාවකාලිකව අත්හිටුවීමට ජනතාව තීරණය කළා.
Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026