General24 June 2026

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ

මහ නගර සභා සහ නගර සභා ආඥාපනත යටතේ සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව, වවුනියාව නගරාධිපති සුන්දරලිංගම් කන්දීපන් සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ඥානප්‍රගාසම් කිෂෝර් යන දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ තනතුරුවලින් සහ සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් පියවර ගෙන තිබෙනවා.

මෙම නියෝගය අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති බවයි සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes