General24 June 2026

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් 271ක සමස්ත ඉපැයීම්, මේ වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුව තුළදී පහත වැටීමක් වාර්තා වී තිබෙනවා.

මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන First Capital Research ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, එම සමාගම්වල සමස්ත ඉපැයීම් පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව (වසරින් වසර) සියයට 11.4ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes