General25 June 2026

ඩෙංගු බෝ කළ 5000කට නඩු

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පවත්වාගෙන ගිය පන්දහසකට පමණ මේ වන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි වැඩ බලන සභාපති උපුල් රෝහණ කියා සිටියේ ඉදිරියටත් එවැනි පිරිස් සොයා මෙහෙයුම් සිදු කරන බවයි.

මෙවැනි පසුබිමක ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ඊයේ සිට අද සහ හෙට දිනය දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඩෙංගු හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක්.

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද මේ වනවිට 49,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් සියයට 52ක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය සමග සාකච්ඡාවට එක්වෙමින් මීගමුව මහ රෝහලේ ඩෙංගු පාලන මධ්‍යස්ථානයේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු කියා සිටියේ, ඩෙංගු රෝග ව්‍යාප්ත වීමේ නව ප්‍රභේදයක් මෙතෙක් හදුනාගෙන නොමැති බවයි.

Related recommendation
Hiru TV News | Programmes