General25 June 2026

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ‍ගෙනා කෝටි 48ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි

තීරු බදු නොගෙවා නිසි අනුමැතියකින් හා තත්ත්ව පරීක්ෂාවකින් තොරව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 48ක් පමණ වටිනා ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව දුන්ගල්පිටිය - පිටිපන ලෙල්ලම ආසන්නයේ සිදු කළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ත් 49ත් අතර වයස්වල පසුවන මීගමුව සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

විමර්ශනයේදී මෙම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද යාත්‍රා 02ක් සහ එම යාත්‍රා වල ස්කීපර්වරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes