General25 June 2026

2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

2027 වර්ෂයේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නිල චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් 2026 ජූනි 25 දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පුවත්පත් නිවේදනය 2026.06.29 දින රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මීට අදාළව නිකුත් කර ඇති අංක 25/2026 දරන චක්‍රලේඛය සහ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes