General25 June 2026

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම හිටපු අධ්‍යක්ෂවරයාට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 22 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (25) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාලව සැකකරු ගමන් ගත් වාහනයට වෙඩි තබන ලද ගිනි අවිය සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙසද එහදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට මෙහිදී නියෝග කළා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන වර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

නඩුව ඔක්තෝබර් 22 යළි කැඳවිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes