General25 June 2026

භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග

නුවරඑලිය සංචාරක නිකේතනයදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස නුවරඑළිය පොලිසියට අද (25) අවසර ලබා දුන්නා.

ඒ, නුවරඑළිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක (35) සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ (49) යන අයවලුන්.

ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත ඊයේ (24) රාත්‍රියේ භාර දෙනු ලැබූවා.

ඝාතනය සහයෝගය දැක්වු කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ඝාතනයට අනුබල දුන් ආරක්ෂක අංශ නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑලිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes