General25 June 2026

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත් නිතීඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගවලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

එමෙන්ම, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂවරයකු වූ අරුණ වර්ෂ විතාන යන අයව ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
මේ වන විට මෙම සැකකරුවන් තිදෙනා අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes