බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ, 'බහුජන බලය' සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්.
චරිත් අබේසිංහට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා,
බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය විමර්ශන ආරම්භ වී තිබීම, එම චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කර තිබීම, මෙම තත්ත්වය හමුවේ බහුජන බලය සංවිධානයේ කීර්තිය, විශ්වසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීමේ දැඩි අවශ්‍යතාව මතු වීම සහ යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණයට එරෙහි ස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කරන සංවිධානයක් ලෙස සිය මූලධර්ම ආරක්ෂා කිරීම යන කරුණු මූලික වී තිබෙනවා.
මෙම තීරණය ඔහු වරදකරු බවට පූර්ව නිගමනය කිරීමක් නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර, අධිකරණයේ අවසන් තීන්දුව ලැබීමට පෙර, සංවිධානයේ ගෞරවය සහ මහජන විශ්වාසය සුරැකීම උදෙසා ගනු ලැබූ පරිපාලනමය තීරණයක් පමණක් බව බහුජන බලය පෙන්වා දෙනවා.
දේශපාලනය යනු පුද්ගල ප්රතිරූප ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නොව මහජන විශ්වාසය සුරැකීමේ වගකීමක් බව විශ්වාස කරන බව පවසන එම සංවිධානය, පුද්ගල ජනප්‍රියත්වය හෝ තනතුර කුමක් වුවද සංවිධානයේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවලදී විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද සඳහන් කරනවා.
"නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි" යන ප්රජාතන්ත්රවාදී මූලධර්මය ප්‍රායෝගිකව තහවුරු කිරීම රජයේ මෙන්ම සියලු දේශපාලන සංවිධානවල වගකීමක් බව බහුජන බලය එම නිවේදනය මගින් අවධාරණය කර සිටිනවා.

Latest News
භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදව් කළ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC අත්අඩංගුවට
Local
26 June 2026
පළාත් කිහිපයකට විටින් විට වැසි; ප්‍රදේශ රැසක තරමක තද සුළං
Local
26 June 2026
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ වෙඩික්කරු ‘මාටියා’ මෙරට ආරක්ෂක අංශ භාරයට
Local
26 June 2026
GTA 6 පූර්ව ඇණවුම් ඇරඹෙයි : සීඩී තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය
Local
26 June 2026
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උණුසුම්ම ජුනි දිනය වාර්තා වෙයි: සෙල්සියස් 36.4 ඉක්මවූ රශ්මියෙන් රටම අඩපණයි
Local
26 June 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308යි
Local
26 June 2026
කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්
Local
26 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
Local
26 June 2026
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026