General26 June 2026

පළාත් කිහිපයකට විටින් විට වැසි; ප්‍රදේශ රැසක තරමක තද සුළං

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) දිනය තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ඌව පළාතේ මෙන්ම, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩකඩ පවතින බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් (30-40 km/h) අතර තරමක තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes