General26 June 2026

බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට

මෙරට විදුලිබල පද්ධතිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව, මෙම බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි, මහියංගනය යන ප්‍රදේශවල ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව සවිකිරීමට නියමිත බවයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම පද්ධති හත භාවිතයෙන් මෙගාවොට් 280ක ප්‍රමාණයක් විදුලි බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන අතර, දෛනිකව මෙගාවොට් 70ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes