General26 June 2026

මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද

මත් ජාවරමේ නිරත 'ගෝඩ් ෆාදර්ලා'ගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

සිය කතාව අතරතුර පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිබඳව චෝදනාවක් එල්ල කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ්ෆාදර්ලාගේ වර්තමාන පුරුක එදින සභාවේ සිටියා නම් ඉතා හොඳ බවයි.

මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොතිබුණේ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට තිබූ නිසා බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, නඩු වාර පැමිණෙන විට ඇතැම් පිරිස් කලබල වන බවද සඳහන් කළා.

රජය සම්බන්ධයෙන් සිදුකරන විවේචන සහ ලබාදෙන අවවාද පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා,

"එතුමා රජය ගැන බොහෝ අවවාද අනුශාසනා දෙනවා, ඒ ගැන ස්තූතියි. නමුත් ඒ අවවාද පිළිගන්න තරම් තැනකට අපි තාම පත්වෙලා නැහැ"
Related recommendation
Hiru TV News | Programmes